Wednesday, July 6, 2011

දෙවෙනි හඳ



    සිතිජයට ඉඳිකට්ටක දුරක් තියගෙන, සදාචාරය වම් කකුලෙන් පාගගෙන, රත්තරන් පාට වළාකුලක් උඩ මම දවසක් චිත්‍රයක් අඳින්න ට්‍රයි එකක් දුන්නා. ඒක රොමාන්තිකත්වයෙන් පුරවල උතුරවන්න මට ඕන උනා. එත් චිත්‍රෙ ඇඳල ඉස්සර වෙන්න කලින් ඉර සිතිජයෙන් එහා පැත්තට ගිහිල්ල හැන්ගුණු නිසා මට ඒක හරියට ම අඳින්න බැරි උනා. හතර වටෙන් ම තිත්ත කලුවර උනාම මගෙ රෝමාන්තිකවාදී චිත්‍රෙට කෝ ගැලපෙන පසු තලයක්? කොහොමින් කොහොම හරි ඔය අස්සෙ මම වම් කකුලෙන් පාග ගෙන හිටපු සදාචාරෙ නැගිට්ටෙ නැතෑ පෙනේ පුප්පගෙන නාගයෙක් වගේ. ඒ වෙලාවේ නම් සිතිජයට ඉඳිකට්ටක දුරින් ඉඳලත් මට හොරෙක් වගේ හැන්ගිලා ගිය ඉර නවත්ත ගන්න බැරි උනා නේද කියල මාර තරහක් අවා. ඊට ටික වෙලවකින් පස්සෙ ටිකෙන් ටික හෙමි හෙමින් හඳ පායගෙන අවා.

    ඇවිත් කිව්ව එයා එයාට පුලුවන් විදියට එළිය දෙන්නම් චිත්‍රෙ ඇඳල ඉවර කරන්න කියලා. එක  පාරටම මම ගල් ගැහුන වගේ උනා. මොකද මම අදින්න හැදුවෙත් හදේ චිත්‍රයක් ම තමයි. කොහොමින් කොහොම හරි මම හඳ කියපු දේ අහල එයා දිහා බලාගෙන ම එයාගෙ රූපෙ තෙලිතුඩෙන් කැටයම් කළා. එය චිත්‍රෙට පිටිපස්ස හරවල මම දිහා ම බලන් හිටපු නිසා එය දැක්කෙ නෑ මම මොකක්ද ඇන්දෙ කියලා. මගෙ චිත්‍රෙ ඇඳල ඉවර වෙනකොට මම බාගෙට තින්ත නාලා. ආටත් හොදටම හිනයි වැඩේට, කකුලෙන් ලැබිච්ච බුරුල නිසා ඔළුව උස්සපු සදාචාරෙටත් මම දුන්න හොඳ කික් එකක් ඉර ගියපු දිහාටම යන්න. මගෙ ගාව ඉතුරු උනේ රොමාන්තිකත්වය විතරයි. ඉතින් මම ඒක මගෙ පින්සලේ කොනෙන් චිත්‍රෙට රින්ගෙව්ව. හෙමි හෙමින් සද්ද නැතුවම.
    අන්තිමට වෙලාව අවා හඳට මම ඇඳපු චිත්‍රෙ මොකක් ද කියලා පෙන්නන්න. එක දැක්කට පස්සෙ එයට හොදටම පුදුමයි, සතු‍ටුයි. ලෝකෙ මිනිහෙක් ට වැඩියෙන් ම සතු‍ටු හිතුණා ම කරන දේ තමන් කැමති ම කෙනාව පුලුවන් තරම් හයියෙන් බදා ගෙන ආදරනීය, උණුසුම් හාදුවක් දෙන එක නිසා හඳත් මට ඒ වෙලාවෙ එහෙම එකක් දුන්න. අන්න එතකොටයි මම දැනගත්තෙ හඳ මට කොච්චර ආදරේ කරල ද කියල! ඒ ඇඳපු චිත්‍රෙ තාමත් මගේ කාමරේ එල්ලල තියෙනව. මම උදේට නැගිට්ටම මුලින් ම දකින්නෙත් එක, රෑට නිදාගන්න කලින් අන්තිමටම දකින්නෙත් එක. හඳත් හැමදාම රෑට අවිත් මගේ කාමරේ කවුලුවෙන් එබිල ඒ දිහා බලන් ඉන්නව. එතකොට මට හඳවල් දෙකක් පේනව. ත්‍රිමන එකයි ද්විමාන එකයි. කොහොම උනත් මට නම් ඒ දෙකේ කිසිම වෙනසක් පෙන්නෙ නෑ. මොකද ඒ දෙකේම ඉන්නෙ මගේම හඳ නිසා!

1 comments :

Categories