Tuesday, April 16, 2013

මoමුලාව

මගෙ ඇඟට කවරදාකවත් නොදැනුනු සනීපයක් එක්කයි මම ඇහැරුනෙ. හරියට දවස් තුන්සිය හැටපහක් ම එක දිගට නිදාගෙන වගේ. හිම දියවෙලා වසන්තය ඇවිත්, මල් පිපිලා, ගිම්හානෙ තද අව්වට හම පිච්චිලා, ආයෙම ගස් වල කොල හැලෙන්න අරන් හිම තට්ටු ගණනාවක් වැටෙනකන් නිදාගෙන ඉඳලා ඇහැරුනා වගේ. ඒ වෙලාවෙ මම හිටියෙ බිත්ති වල සුදුපාට ආලේප කරපු, සුදු තිර රෙදි දාපු උස වීදුරු ජනේල තියෙන, වහලෙ ටෙලිවිශන් එකක් එල්ලපු කාමරේක අයිනක තිබුණු සුදු ඇතිරිලි එලපු තරමක් උස ඇඳක. . ලී වල පාට දොර නම් ඒ වෙලාවෙ වහලා තිබුණෙ. සුදු තිර අතරින් උස ජනේලෙ වීදුරුව ඇතුලෙන් කලු පාටට අහස පෙනුනු නිසා ඒ දවාලක් නෙවෙයි කියලා මට හිතුනා. මගේ ඇඳ අයිනෙම තිබුණු තරමක් උස කකුල් හතරෙ ටීපෝ එකක් උඩ තිබුණු උස සිහින් වාස් එකක රතු පාට ඩේලියා මලක් එක්ක මල් අත්තක් තිබුණා. මo මතක් කරගන්න උත්සාහ ගත්ත මම කොයි වෙලේද නිදාගත්තෙ කියලා. ඒත්.. ඒත් මට ඒක මතක්වුනේ නෑ. දැනටත් මතක නෑ. මo ජීවත් වුණ ලෝකෙ මායා කැලැන්ඩරේ කාටවත් ම නොකියා ඉවර වෙලා මo නෝවාගෙ නැවෙන් ඊලඟ ලෝකෙට ඇවිත් ද කියලා හිතුනා. ඒත් එතකොටම ඈතින් සැර දාගෙන ගියපු ලේලන්ඩ් බස් එකක සද්දයක් ඇහුණ නිසා මo තවමත් ඉන්නෙ, මෙච්චර කල් හිටපු ලෝකෙ මයි කියලා මම දැනගත්තා. 

මම ආපහු ඇස් පියාගත්තා. එතකොට අර මo කලින් අත්විඳ විඳ හිටපු සනීපෙ දෙගුණ තෙගුණ උනා. මගේ හිත හරියට දෙපැත්තෙ මාජින් ගහපු සුදු ලියන කඩදාසියක් වගේ. කිසිම දෙයක් ඒකෙ නෑ. මo මොකක් ම හරි ගැන හිතන්න ඕන කියලා හිතුවා. ඒත් කිසිම දෙයක් හිතුනෙ නෑ. ඇයි මo නිදාගත්තෙ? මම මේ කොහෙද ඉන්නෙ? කෝ අම්මා? මේ ඔක්කොම හිතුනෙ සෑහෙන කාලාන්තරයක් කිසිම දෙයක් නොහිතා හිටියට පස්සෙ කියලයි මට දැන් මතක. ඒ ප්‍රශ්න ඔලුවට ආවට ඒ කිසිම එකකට උත්තර මතක්වුණේ නෑ. මම ඇඳේ මුණින් අතට හැරිලා කොට්ටෙන් ඔලුව වහගන්න හිතුවා. ඒත් ඒක කරන්න ගියාම මගේ වම් අතේ වැලිමිටට උඩින් හරිය රිදෙන්න ගත්තා. මo කමිස අත උඩට උස්සලා බැලුවා වේදනාව දැනුන තැන. එතකොට මම දැකපු දෙයින් මම පුදුම උනා. වැලිමිටයි උරහිසයි අතරෙ චූටි චූටි කලු පාට තිත් මහ ගොඩක්. අල්ලනකොට ඒවා හරියට රිදෙනවා. හරියට කව් රු හරි ඉඳිකටු වලින් ඇණගෙන ඇණගෙන ගිහිල්ලා වගේ. ඒ තැන් අතගානකොට හරියට රිදුනා. මට මතක නෑ නෙ කොහොමද ඒවා මගේ අතට ආවෙ කියලා. මම හෙමීට ආයෙම ඇස් දෙක පියාගත්තා. ඒ පාර නම් ප්‍රශ්න කෝටියක් විතර හිතට ආවා. මාව කැරකැවෙනවා වගේ දැනුනා. ඒ වෙලාවෙ නම් මo හිටියෙ කාලය ශුන්‍ය වෙච්ච ඇස්ට්‍රල් තලයක ද කොහෙදෝ. ඉමක් කොනක් පේන්නෙ නැති කලු පාට අවකාශයකට මo ඇදිලා ගියා. 

ගුරුත්වය යටතේ පහළට වැටෙන සෝපානයක් ඇතුලෙ ඉන්න මිනිහෙක් වගේ හිතේ හැටියට පිනුම් ගහන්න, හැරෙන්න, ඇදෙන්න මට පුලුවන් උනා. මo ඔහොම ගොඩාක් වෙලා එහාට මෙහාට පාවෙවී හිටියා. එක සැරයක් ඔලුව හරවලා බලනකොට මo දැක්කා සුදු පාට ඇල්පෙනෙති තුඩක් තරම් එළියක්. කලුවරට ඇස් හුරුවෙලා තිබුණ නිසා ද කොහෙදෝ මගේ ඇස් රිදෙන්න ගත්තා. එහෙම උනේ බොහොම ටික වෙලාවකට. වෙන්න මොකක් ද කියලා හිතන්න උත්සාහ කරපු නිසා ඒ ගතිය දැනෙන්නෙ නැතුව ගියා මම හිතන්නෙ. මාව හෙමිට හෙමීට නොදැනුවත්වම වගේ ඒ එළිය දිහාට ඇදෙන්න ගත්තා. තව දුරටත් එහාට මෙහාට පාවෙන්න මට පුලුවන් කමක් තිබ්බෙ නෑ. ටිකෙන් ටික මාව ඇදිලා යන වේගෙ වැඩිවුනා. ඔය අතරෙ අර එළිය ටික ටික විශාල වුනා. ඔන්න දැන් මo ආලෝකයේ වේගෙන් එළිය දිහාට ඇදිලා යනවා. එළියත් ඒ වේගෙන් ම මගේ දිහාවට එනවා. ඒක ගිනි බෝලයක් කියලා දැන් මට පේනව. මo ඒ දිහාවටම ඇදිලා යනවා. ඒක මහ විශාල ගිනිබෝලයක්. ඒ මහා ගිනිබෝලෙ ඉස්සරහ මම නිකන් නිකන් ම නිකන් අoශුවක් වගේ. ටිකෙන් ටික මට ගිනි රස්නෙ දැනෙන්න ගත්තා. දැන් මාව පිච්චෙනවා වගේ. දාඩියත් දාල ද කොහෙදොඅ කියල හිතුනා. තව තත්පරෙකින් සීයෙන් පoගුවකින් මo ගිනි ගොඩේ... 

එක පාරටම මo ඇස් ඇරියා. ඇත්තටම මට දාඩිය දාලා. අර උස වීදුරු ජැනේලෙන් අව් රැල්ලක් මගෙ ඇඟට වැටිලා. කාමරේ තිබුණු පොඩි ඩිවාන් එකක අම්මා ගුලිවෙලා නිදාගෙන හිටියා. මo බෙල්ල හරවන්න හදනකොට බෙල්ල රිදෙන්න ගත්තා. එතකොටම ලී පාට දොර ඇරගෙන ඝණකම වීදුරු කණ්ණාඩි දෙකක් දාපු නර්ස් කෙනෙක් ස්ටීල් ට්‍රේ එකක් අරන් කාමරේට ආවා. දොර ඇරෙන සද්දෙටවත් අම්මා ඇහැරුනේ නෑ. කොණ්ඩෙ අවුල් වෙලත් ද කොහෙද තිබුණෙ. මo බෙල්ල රිදෙද්දිත් අම්මා දිහා බලන් හිටියා. ඒ අතරෙ එක පාරටම මගේ වම් අතෙන් ක්ශනික වේදනාවක් ආවා. මo බෙල්ල හරවලා ඇස් ලොකු කරලා නර්ස් දිහා බැලුවා. එයා බෝල කණ්ණාඩි දෙක යටින් මගේ දිහා බලලා ලස්සනට හිනා වුණා. නර්ස් එක්ක හිනා වෙන්න ඕන කමකුයි, ඇස් පියවෙන නිදිමතකුයි එක සැරේට මතුවුනා. අන්තිමට නිදිමත තමයි දිනුවෙ මo හිතන්නෙ..

ඊට පස්සෙ මo ගොඩාක් තැන් වල ගියා මo හිතන්නෙ. ඒත් ඒවා හරියටම මතක නෑ. නර්සරි යන්න කලින් ගෙදර ඉඳන් තාත්තාත් එක්ක අඳින බලි කුරුටු චිත්‍ර වගේ. කුරුලු පිහාටු, අල්තාරයක්, රතු පාට ලේ පැල්ලමක්, මල් මිටියක්, කොල පාට ඇපල් ගෙඩි පිරිච්ච බාස්කට් එකක් වගේ ඒවා තමයි දැන් ඒ ගැන මතක් කරනකොට මතක් වෙන්නෙ. එකට එකක් ගලපගන්න අමාරුයි. මගේ මතකෙ තියෙන ඊළඟ පැහැදිලි සිද්දිය කියන්නම්. මo කෝච්චියක මූද පැත්තෙ ආසනයක වාඩිවෙලා හිටියෙ. මගෙ උරහිස උඩ හිස තියාගෙන කෙල්ලෙක් හිටියා. අපි දෙන්නා ම කිසිම කතාවක් නැතුව ගියේ. පොල් ගස්, පාළම්, දුම් රිය පොළවල් හරි වේගෙන් අපිව පහු කරන් ගියා. එයාගෙ  ඇඟිලි මගේ ඇඟිලි අතරෙ තදට හිරවෙලා තිබ්බෙ. අමුතු හැඟීමකින් පපුව පිරිලා ගිහින්. එයාගෙ මූණට සැරින් සැරේට කොන්ඩ කෑල්ලක් වැටෙනවා. ඒ හැම වෙලේම මo ඒ කොන්ඩ කෑල්ල අරගෙන එයගෙ කන් පිටිපස්සට දැම්මා. ඒත්.. ඒත් මo එයාගෙ මූණ දැක්කෙ නෑ. ඒ වෙලාවෙ බලන්න ඕනකමක් තිබ්බෙ නෑ. අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ. දැන් කොච්චර උත්සාහ කරත් ඒ මූණ මතක් කරගන්න අමාරුයි. 

ඊළඟට මම ඇස් ඇරලා බලනකොට කාමරේ ඇතුලෙයි ඇඳ වටෙයි ගොඩක් අය හිටියා. ඔක්කොම අඳුරන මූණු කියලා දැනුනා. ඒත් සමහර අය අඳුරන්නෙ කොහොමද කියලා ඒ වෙලාවෙ මතක්වුනේ නෑ. උස වීදුරු ජනෙල් අතරට ආයෙම කලු අහස ඇවිත්. කලින් දවසෙ වගේ කලු ම කලු නෑ. තරු එකක් දෙකක් අතරින් පතර පායල තිබුණා. කරුණාවන්ත පෙනුමක් තියෙන සිල්ක් කොට්න් සාරි එකක් දාපු තරුණ දොස්තර නෝන කෙනෙක් අතේ තිබ්බ ෆයිල් මිටියකට එබීගෙන මොනවදෝ කියවමින් හිටියා. අර බෝල කණ්ණාඩි දෙක දාපු නර්ස් තවත් ඊට වඩා තරුණ පෙනුම තියෙන නර්ස් ලා දෙන්නෙක් වටකරගෙන හිටියා. කාමරේ කිසිම හැලහොල්මනක් තිබ්බෙ නෑ. හැමකෙනාම නිශ්ශබ්දතාවය බිඳින්න උත්සාහ කරේ නෑ. ඉස්සෙල්ලා අම්මා නිදාගෙන හිටපු ඩිවාන් එක උඩ පොඩ්ඩො තුන් දෙනෙක් වාඩිවෙලා හිටියා. වහලෙ එල්ලපු ටෙලිවිෂන් එකේ ගියපු කාටූන් එකක් බල බල හිටපු ඒ අයවත් කිසිම සද්දයක් කරේ නෑ. මo ඇස් කරකවලා කාමරේ හිටපු අය අඳුරගන්න උත්සාහ කරා. ඒත් අර කරුමක්කාර බෙල්ල රිදිල්ල එතකොටත් ආවා. දොස්තර නෝන මගේ අතින් අල්ලලා "බයවෙන්න එපා, ඔයාට ඉක්මනට සනීප වෙයි" කියලා ලස්සනට හිනාවුනා. ටිකෙන් ටික කාමරේ හිටපු ඔක්කොම අය කාමරෙන් ගිහින් අම්මා විතරක් ඉතුරු වුනා. කොණ්ඩෙ පීරලා, අයන් කරපු ඇඳුමක් ඇඳගෙන එයා හිටියෙ. මගේ ළඟ ඉඳන් අම්මා මගේ ඔලුව අතගෑවා. තාලෙට,

අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
කැලේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර වැඩි වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදෙවා

කවිය කිව්වා. දෙවෙනි පදේ කියවෙන කොට සීතල කඳුලු බින්දුවක් මගේ අතට වැටෙනවා දැනුනා. කවිය ඉවර වෙනකොට ම මගේ ඇසුත් ආයෙම පියවෙලා. ඒත් අම්මගෙ ඇඟිලි නම් සෑහෙන වෙලාවක් යනකන් මගේ කෙස් අතරෙ සනීපෙට දැනුනා. 

ඊට පස්සෙ දවසෙ දොස්තර අනෝජ් ආවා. එයා මගේ පීසී එකයි, ෆෝන් එකයි, ඩයරියයි ඔක්කොම ගෙනැත් තිබුනා. මගේ ඇඳ ළඟින් වාඩි වෙලා මගේ හිතේ තෙරපි තෙරපි තිබුණ, ඒත් කාගෙන්වත් අහන්න බැරි වෙච්ච ගොඩාක් ප්‍රශ්න වලට උත්තර එයා ළඟයි, එයා ගෙනාපු මගේ දේවල් අතරෙයි තිබුනා. ඒත් ඩයරි එකේ සමහර පිටු අඩුයි කියල මට හිතුනා. ෆෝන් එකේ ඉන්බොක්ස් එක හිස්. ලැප් එකේ කලින් තිබ්බ වෝල් පේපර් එකත් වෙනස් කරලා කියලා හිතුනා. ඒ නිසා සමහර ප්‍රශ්න ඉතිරි වුනා. එයාගෙ ෆොටෝ එකක් ඩොක්ටර් මට පෙන්නුවා. එයා ඉක්මනටම මාව බලන්න එනවා  කියලත් කිව්වා. ෆොටෝ එකේ හිටපු ගර්ල් ගොඩාක් සමීප කෙනෙක් විදියට මට දැනුනා. ඒත් එයා ගැන මට කිසිම දෙයක් මතක් වෙන්නෙ නෑ නෙ. අර කෝච්චියේ ගියෙත් මෙයාම තමයි කියලා හිත්තෙනවා දැනටත්. එයා ආවාම තමයි දැනගන්න වෙන්නෙ ඔක්කොම. 

මගේ යලුවො සෙට් එකක් ම මාව බලන්න ආවා. ගොඩාක් වෙලා පරණ කතා කියව කියව හිටියා. ඒ ඔක්කොම අය අඳුරගන්නයි, ඒ කතා වල එක්කහු වෙලා අඩු පුරවන්නයිත් මට පුලුවන් වුනා. අපේක්ශා, එයාගෙ අම්මයි, නoගියි එක්ක මාව බලන්න ආවා. මට පුලුවන් වුනා හිනාවෙන ඇස් වලින් ඒ ඔක්කොම අය දිහා බලන්න. හැමෝම ගියාට පස්සෙ දොස්තර අනෝජ් කියපු විදියට මම ඩයරි එක අරන් ලියන්න ගත්තා. එයා රෑ වෙලා ආපහු එනවා කියපු නිසා. පෙරලලා බලනකොට මo ඩයරියෙ ලියන්නෙ නැතුව ඉඳලා තියෙන්නෙ දවස් දෙකයි. ඒ කියන්නෙ මේ ඔක්කොම වුනේ දවස් දෙකකින් ද කියලා මට තේරුම් ගන්න අමාරුයි. ඒ දවස් දෙකේ වුණ දේවල් තමයි මo මේ කියන්නෙ එතකොට. මo දැන් එයා එනකන් බලන් ඉන්නෙ. ඒත් එයා ආවම කිසිම දෙයක් අහන්නෙ නෑ. මට ආසයි එයා මොන වගේ ද කියලා දැන ගන්න. හීනි තොල්, ඝණ ඇහි බැමි, මූණට වැටෙන කොණ්ඩ කෑල්ල, දණහිස ළඟට තියෙන උරපටි දාපු ඩෙනිම් ගවුම, පාට ගොඩාක් තියෙන සැන්ඩ්ල්ස්, ඔරලෝසුව... මo ඩයරි එකේ ලියලා තියෙන, දොස්තරයි, යලුවොයි කියපු හැම එකක් ම මට ඇත්තටම දකින්න ඕන. මොකොද මට ඒ කිසිම  දෙයක් මතක නෑ...


2 comments :

Categories